කෝපා කමිටුවෙන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට උපදෙසක්

ප්‍රජාමූල සංවිධාන පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගෙන නියාමනයට කටයුතු කරන ලෙස කෝපා කමිටුව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

කෝපා කමිටුව මෙම උපදෙස් ලබාදුන්නේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ ප්‍රජා මූල සංවිධාන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් යම් ආකාරයක නියාමනයක් අවශ්‍ය බවයි.

මේ නිසා මෙම ප්‍රජාමූල සංවිධාන ආශ්‍රිතව සිදු වන මුදල් ගනුදෙනු පරීක්ෂා කළ යුතු බවද කමිටුව පෙන්වා දී තිබෙනවා.

එසේම ප්‍රජා ජල අභිමානී වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ කෝපා කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මෙහිදී විගණකාධිපති වාර්තා අනුව සැලසුම් කළ ආකාරයට ජල ව්‍යාපෘති අවසන් කර නොමැති බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘති අදියර වශයෙන් සැලසුම් කර තිබූ අතර ඒ අනුව 2019 වර්ෂයේ ආරම්භ කළ ජල ව්‍යාපෘති 123ක් අතරින් 2022 දෙසැම්බර් වන විට ව්‍යාපෘති 119ක් අවසන් කර ඇති බවයි.

මේ නිසා විගණකාධිපති වාර්තාවල අඩංගු ඇතැම් කරුණු නිරවද්‍ය නොවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ඉන් පසු අදියරේදී ආරම්භ කළ ජල ව්‍යාපෘතිවල කටයුතු තවමත් සිදු වන බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් මස 22 වනදාට පෙර මේ පිළිබඳ පැහැදිලි තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසටයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නිර්දේශ කළේ.

එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවල තොරතුරු නිවැරදි නොවන බව සඳහන් කරන්නේ නම් එය අභියෝගයට ලක් කිරීමට අදාළ ආයතනයට හැකියාව පවතින බවත් එබැවින් ඒ පිළිබඳ විස්තරද අදාළ අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසත් කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

තවද අක්‍රීය ප්‍රජාමූල සංවිධාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ ප්‍රජාමූල සංවිධාන 5383ක් අතරින් 2023 ජුනි 30 වන විට සංවිධාන 234 ක් අක්‍රීයව පවතින බවයි කෝපා කමිටුව පෙන්වා දුන්නේ. මෙහිදී පැමිණ සිටි නිධාරීන් සඳහන් කළේ මෙම අක්‍රීය සංවිධාන අතරින් 19 ක් සක්‍රීය මට්ටමට ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවයි. එසේම මෙම සංවිධාන අක්‍රීය වීමට ජල මූලාශ්‍ර සිදීයාම ඇතුළු හේතු 4ක් පමණ බලපා ඇති බවද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

එසේම ඉටු නොකළ වැඩ සහ ලංසු ලේඛනවල සඳහන් නියමයන්ට පටහැනිව සිදු කළ කාර්යයන් වෙනුවෙන් ගෙවීම් සිදු කළ ආකාරය පිළිබඳවද වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කරනු ලැබුවා. මීට අමතරව නොවැම්බර් මස 8 වැනිදා මෙම දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුවට කැඳවන බවත් එහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් මෙම දෙපාර්තමේන්තුව හා සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවයි ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39