කෝටි 37 ක කාක නිල් මැණික් 2ක් සමග හිමිනමක් පොලිස් දැලේ (වීඩියෝ)

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට උත්සහ කරන ලද කාක නිල් මැණික් 2ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් වයස අවුරුදු 72ක් වු එක් සැකකරුවකු ප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ පියෙකු බවයි.

පොලිස් භාරයට ගත් මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබාගෙන ඇති බවට සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
4
+1
2
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?