කෝටි 37 ක කාක නිල් මැණික් 2ක් සමග හිමිනමක් පොලිස් දැලේ (වීඩියෝ)

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට උත්සහ කරන ලද කාක නිල් මැණික් 2ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් වයස අවුරුදු 72ක් වු එක් සැකකරුවකු ප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ පියෙකු බවයි.

පොලිස් භාරයට ගත් මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබාගෙන ඇති බවට සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
4
+1
2
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17