කෝටි 05ක් වටිනා තල්මස් අම්බර් සමග විවාහක යුවළක් අත්අඩංගුවට

තල්මසෙකුගේ ‘අම්බර්’ (වමනය) අලෙවි කිරීමට ළඟ තබාගත් විවාහක යුවළක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව
මෙම වැටලීම තලගස්පේ – මානානහේන ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

මෙම සැකකාර විවාහක යුවළ කහදුව – අම්බන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිණිය සතුව තල්මස් අම්බර් කිලෝග්‍රෑම් 16ක් තිබූ බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 05ක් පමණ වන බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

සැකකාර පිරිමි පුද්ගලයා 42 හැවිරිදි තැනැත්තෙකු වන අතර බිරිඳගේ වයස 36ක් බවටත් වාර්තා වනවා.

සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?