කෝටි දෙකක අයිස් සමග අයෙක් පොලිස් දැලේ (ඡායාරූප)

මිදිගම පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ට ලැබුන තොරතුරක් අනුව වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ දී පොලිසිය සමගින් කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටසීයක් සමගින් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසනවා.

බුද්ධි අංශ නිලධාරීන් අද අළුයම ඉබ්බාවල, මාස්හේන ප්‍රදේශයේ පාලු නිවසක පිරිසක් සිටින බව කියා ලත් තොරතුරක් අනුව එම ස්ථානය පරික්ෂා කිරීමට යන විට එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉන් පුද්ගලයන් තිදෙනකු පොලිසිය පැමිණි බව ඇති බවට හඳුනාගත් විට යතුරු පැදියක් සහ එක් අයෙකු එහි දමා පලාගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පරික්ෂා කිරීමෙන් අනතුරුව ස්කූටි වර්ගයට අයත් යතුරු පැදිය ද පරික්ෂා කිරීමේදී එහි අසුන යට භාණ්ඩ බහාලුමේ සූක්ෂම ලෙස පාර්සල් දෙකක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1800ක් පමණ සොයා ගෙන තිබෙනවා.

මෙහිදී පලාගිය පුද්ගලයන් තිදෙනා සොයා පොලිසිය විමර්ශන සිදුකරන අතර මෙතෙක් ඔවුහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී නැහැ.

කෙසේවෙතත් අත් අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2024 10 02 at 19.26.22 1 2
WhatsApp Image 2024 10 02 at 19.26.22 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?