කෝටි දෙකක අයිස් සමග අයෙක් පොලිස් දැලේ (ඡායාරූප)

මිදිගම පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ට ලැබුන තොරතුරක් අනුව වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ දී පොලිසිය සමගින් කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටසීයක් සමගින් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසනවා.

බුද්ධි අංශ නිලධාරීන් අද අළුයම ඉබ්බාවල, මාස්හේන ප්‍රදේශයේ පාලු නිවසක පිරිසක් සිටින බව කියා ලත් තොරතුරක් අනුව එම ස්ථානය පරික්ෂා කිරීමට යන විට එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉන් පුද්ගලයන් තිදෙනකු පොලිසිය පැමිණි බව ඇති බවට හඳුනාගත් විට යතුරු පැදියක් සහ එක් අයෙකු එහි දමා පලාගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පරික්ෂා කිරීමෙන් අනතුරුව ස්කූටි වර්ගයට අයත් යතුරු පැදිය ද පරික්ෂා කිරීමේදී එහි අසුන යට භාණ්ඩ බහාලුමේ සූක්ෂම ලෙස පාර්සල් දෙකක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1800ක් පමණ සොයා ගෙන තිබෙනවා.

මෙහිදී පලාගිය පුද්ගලයන් තිදෙනා සොයා පොලිසිය විමර්ශන සිදුකරන අතර මෙතෙක් ඔවුහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී නැහැ.

කෙසේවෙතත් අත් අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2024 10 02 at 19.26.22 1 2
WhatsApp Image 2024 10 02 at 19.26.22 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29