කෝච්චිය එන බව පෙනි පෙනී තුන්සක රිය දාපු රියදුරු අසාධ්‍යයව රෝහලට (වීඩියෝ)

කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරකින් 52 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (28) පෙරවරු 07ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ ලියනගේමුල්ල – කැලෑ පල්ලිය පාරේ දුම්රිය හරස් මාර්ග කොටසේදියි.

දුම්රියක් පැමිණෙන බවට ලාම්පු සංඥා දමා තිබියදීත් රියදුරු සිය ත්‍රීරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමා තිබෙනවා.

එහිදී කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ත්‍රීරෝද රථය ගැටී එය මීටර් 50ක් පමණ ඈතට විසි වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රදේශවාසීන් එක් ව මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේනමුත් සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසියෙන් සිදු කළ විමසුමක දී එහි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ, තුවාලකරුගේ තත්ත්වය බරපතළ වන බවත්, ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගැනීමට නොහැකි තත්ත්වයක සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?