කෝච්චිය එන බව පෙනි පෙනී තුන්සක රිය දාපු රියදුරු අසාධ්‍යයව රෝහලට (වීඩියෝ)

කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරකින් 52 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (28) පෙරවරු 07ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ ලියනගේමුල්ල – කැලෑ පල්ලිය පාරේ දුම්රිය හරස් මාර්ග කොටසේදියි.

දුම්රියක් පැමිණෙන බවට ලාම්පු සංඥා දමා තිබියදීත් රියදුරු සිය ත්‍රීරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා දමා තිබෙනවා.

එහිදී කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ත්‍රීරෝද රථය ගැටී එය මීටර් 50ක් පමණ ඈතට විසි වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රදේශවාසීන් එක් ව මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේනමුත් සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසියෙන් සිදු කළ විමසුමක දී එහි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ, තුවාලකරුගේ තත්ත්වය බරපතළ වන බවත්, ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගැනීමට නොහැකි තත්ත්වයක සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39