AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ වරාය නගරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කොළඹ වරාය නගරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වරාය නගරයේ වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට ඊයේ දහවල් වරාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ. ඔහු වයස අවුරුදු 40ත් 45ත් අතර වයසක පසුවන අයෙක් වන අතර උස අඩි 5යි අගල් 8ක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිට තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. කොළඹ වරාය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?