කොළඹ මහ නගර සභාවේ රුපියල් බිලියන 30ක ආදායමට සිදු වුයේ කුමක්දැයි අගමැතිනිය ප්‍රශ්න කරයි

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක් වුව ද, පෙර රජයන් නගර සභා වැසියන්ගේ මූලික අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමට කිසිදු වගවීමක් දරා නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඊයේ (28) පස්වරුවේ මැතිවරණ ප්‍රචාරණ රැලි කිහිපයකට කොළඹ නගර සභා සීමාවේ ඇති දෙමටගොඩ, කොටහේන, මරදාන හා කොම්පඤ්ඤවීදියේ පැවැති ජන හමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කොළඹ මහ නගර සීමාවේ මහල් නිවාසවලින් බැහැර කරන කසළ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව දිගු කලෙක සිට පවත්වාගෙන යන බවත්, උස මහල්වලින් තම කැලිකසළ මළු රැගෙන කසළ ගෙන යන ට්‍රැක්ටරයට ලබාදීමට ගිය ද ඇතැම් අවස්ථාවල එම ට්‍රැක්ටරය ද පිටත්ව ගොස් ඇති බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ.

එවැනි ගැටලුවල දී බොහෝ ජනතාව සිය කසළ වෙන යම් ස්ථානයකට ගොස් බැහැර කිරීමත් සමග එම බල කොට්ඨාසයම දැඩි සෞඛ්‍ය අනාරක්ෂිතභාවයකට ලක් වන බව ද අගමැති හරිනි වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් එවක පාලකයින් හෝ නිලධාරීන් කිසිවෙකු රුපියල් බිලියන 30ක ආදායමක් සහිත මහ නගර සභාවේ කසළ නිසි ලෙස බැහැර කිරීමට විධිමත් මෙන් ම ප්‍රායෝගික ක්‍රියාදාමයක් සකසා නොමැති බවත් මාලිමා පළාත් සභා ආයතනවල ද බලය තම ආණ්ඩුවට ලැබුණු විට අතීතයේ දුර්වල පාලනයන් ඉවත් කරන බවත් අගමැතිවරය කියා සිටියා.

තම පක්ෂයේ කිසිදු වංචනිකයෙක් හෝ දූෂකයෙක් නොමැති බැවින් මෙවර පළාත් සභා ඡන්දයෙන් ද මාලිමාව දැවැන්ත ජයක් ලබනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58