කොළඹ මහ නගර සභාවේ රුපියල් බිලියන 30ක ආදායමට සිදු වුයේ කුමක්දැයි අගමැතිනිය ප්‍රශ්න කරයි

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක් වුව ද, පෙර රජයන් නගර සභා වැසියන්ගේ මූලික අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමට කිසිදු වගවීමක් දරා නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඊයේ (28) පස්වරුවේ මැතිවරණ ප්‍රචාරණ රැලි කිහිපයකට කොළඹ නගර සභා සීමාවේ ඇති දෙමටගොඩ, කොටහේන, මරදාන හා කොම්පඤ්ඤවීදියේ පැවැති ජන හමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කොළඹ මහ නගර සීමාවේ මහල් නිවාසවලින් බැහැර කරන කසළ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව දිගු කලෙක සිට පවත්වාගෙන යන බවත්, උස මහල්වලින් තම කැලිකසළ මළු රැගෙන කසළ ගෙන යන ට්‍රැක්ටරයට ලබාදීමට ගිය ද ඇතැම් අවස්ථාවල එම ට්‍රැක්ටරය ද පිටත්ව ගොස් ඇති බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ.

එවැනි ගැටලුවල දී බොහෝ ජනතාව සිය කසළ වෙන යම් ස්ථානයකට ගොස් බැහැර කිරීමත් සමග එම බල කොට්ඨාසයම දැඩි සෞඛ්‍ය අනාරක්ෂිතභාවයකට ලක් වන බව ද අගමැති හරිනි වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් එවක පාලකයින් හෝ නිලධාරීන් කිසිවෙකු රුපියල් බිලියන 30ක ආදායමක් සහිත මහ නගර සභාවේ කසළ නිසි ලෙස බැහැර කිරීමට විධිමත් මෙන් ම ප්‍රායෝගික ක්‍රියාදාමයක් සකසා නොමැති බවත් මාලිමා පළාත් සභා ආයතනවල ද බලය තම ආණ්ඩුවට ලැබුණු විට අතීතයේ දුර්වල පාලනයන් ඉවත් කරන බවත් අගමැතිවරය කියා සිටියා.

තම පක්ෂයේ කිසිදු වංචනිකයෙක් හෝ දූෂකයෙක් නොමැති බැවින් මෙවර පළාත් සභා ඡන්දයෙන් ද මාලිමාව දැවැන්ත ජයක් ලබනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?