කොළඹ මහාධිකරණයට ආ ඇමති විජිතට යළි කැඳවීමක් (වීඩියෝ)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලබන වසරේ පෙබරවාරි 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස් සපුවිද මහතා අද අමාත්‍ය විජිත හේරත්ට නියම කළා.

නඩුව අද (29) කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට විජිත හේරත් අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේ වෙතත් අද (29) දින නඩුව කැඳ වූ අවස්ථාවේ විත්තිකාර චන්ද්‍රවංශ පතිරාජ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ අතර පැමිණිල්ලේ සාක්ෂි විභාගය පෙබරවාරි 05 කැඳවීමට දින නියෝග කළා.

දූෂණ විරෝධී සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2012.05.15 වනදා හා ඊට ආසන්න කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ජනජය ලොතරැයි අලෙවි කිරීම ප්‍රවර්ධනය සඳහා විද්‍යුත් බැනර් සැපයීමට අදාළ කොන්ත්‍රාත් ලබාදීමේ දී සිදුවූයේ යැයි දූෂණයක් පිළිබඳව චෝදනා නඟමින් හිටපු සභපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03