කොළඹ මහාධිකරණයට ආ ඇමති විජිතට යළි කැඳවීමක් (වීඩියෝ)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලබන වසරේ පෙබරවාරි 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස් සපුවිද මහතා අද අමාත්‍ය විජිත හේරත්ට නියම කළා.

නඩුව අද (29) කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට විජිත හේරත් අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේ වෙතත් අද (29) දින නඩුව කැඳ වූ අවස්ථාවේ විත්තිකාර චන්ද්‍රවංශ පතිරාජ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ අතර පැමිණිල්ලේ සාක්ෂි විභාගය පෙබරවාරි 05 කැඳවීමට දින නියෝග කළා.

දූෂණ විරෝධී සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2012.05.15 වනදා හා ඊට ආසන්න කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ජනජය ලොතරැයි අලෙවි කිරීම ප්‍රවර්ධනය සඳහා විද්‍යුත් බැනර් සැපයීමට අදාළ කොන්ත්‍රාත් ලබාදීමේ දී සිදුවූයේ යැයි දූෂණයක් පිළිබඳව චෝදනා නඟමින් හිටපු සභපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?