Empty Ad
AFC Banner
Empty Ad

කොළඹ ජනතාවට විශේෂ දැනුම්දීමක්

නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් මෙම නව වෛරස ප්‍රභේදය සොයාගත් අතර එය කොළඹ නගරය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියා

අනවශ්‍ය උත්සව සහ හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ද ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොකල හොත් මෙම වෛරසයේ බලපෑම වැඩිවනු ඇති බවත් පැවසීය.

“මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිය.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?