කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, රත්මලාන සහ කටුබැද්ද, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ මේ වනවිට අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?