කොළඹ අවදානම් ගස් ඉවත්කිරීම ගැන සාකච්ඡාවක් – රියදුරු සහ කොන්දොස්තරටත් නිවාඩුවක්

කොළඹ නගරයේ අවදානම් තත්ත්වයේ පවතින ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (09) ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මත පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, සඳහා ශාක විශේෂඥයින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්වීමට නියමිත බව සඳහන්.

ඊයේ (06) උදෑසන කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී ලංගම බස් රථයක් මතට මාර්ගය අසල තිබූ ගසක් කඩා වැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙන් පසු කොළඹ නගරයේ අවදානම් ගස් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර කොළඹ නගරයේ ඇති ගස්වල ස්ථායීතාව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අධ්‍යනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

විශේෂඥ කමිටුවක් හරහා මෙම අධ්‍යනය සිදුකරන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවත ආසන්නයේ දී කොළඹ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට රොබරෝසියා වර්ගයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙම අනතුරට මුහුණ පෑ ලංගම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට සතියක රාජකාරී නිවාඩුවක් ලබා දී ඇති බව ගමනාගමනා මණ්ඩලය පවසනවා.

අනතුරෙන් පසු ඔවුන් දෙදෙනා යම් ආතතියක පසුවන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21