කොළඹ අවදානම් ගස් ඉවත්කිරීම ගැන සාකච්ඡාවක් – රියදුරු සහ කොන්දොස්තරටත් නිවාඩුවක්

කොළඹ නගරයේ අවදානම් තත්ත්වයේ පවතින ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (09) ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මත පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, සඳහා ශාක විශේෂඥයින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්වීමට නියමිත බව සඳහන්.

ඊයේ (06) උදෑසන කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී ලංගම බස් රථයක් මතට මාර්ගය අසල තිබූ ගසක් කඩා වැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙන් පසු කොළඹ නගරයේ අවදානම් ගස් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර කොළඹ නගරයේ ඇති ගස්වල ස්ථායීතාව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අධ්‍යනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

විශේෂඥ කමිටුවක් හරහා මෙම අධ්‍යනය සිදුකරන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවත ආසන්නයේ දී කොළඹ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට රොබරෝසියා වර්ගයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙම අනතුරට මුහුණ පෑ ලංගම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට සතියක රාජකාරී නිවාඩුවක් ලබා දී ඇති බව ගමනාගමනා මණ්ඩලය පවසනවා.

අනතුරෙන් පසු ඔවුන් දෙදෙනා යම් ආතතියක පසුවන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19