AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට විද්‍යුත් බස් රථ 200ක් දාන්න අනුමැතිය

බස්නාහිර පළාතේ විද්‍යුත් බස් රථ 200ක් ධාවනයට එක් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයේ යෙදවීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමටයි පසුගිය පෙබරවාරි මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණේ.

එහෙත් එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එම බස් රථ මගින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?