කොළඹට විද්‍යුත් බස් රථ 200ක් දාන්න අනුමැතිය

බස්නාහිර පළාතේ විද්‍යුත් බස් රථ 200ක් ධාවනයට එක් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයේ යෙදවීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමටයි පසුගිය පෙබරවාරි මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණේ.

එහෙත් එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එම බස් රථ මගින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  1. SAHENA GANAK GINI GANIYI, EYI PERIODICAL SAHA PREVENTIVE MAINTENANCE KARANNEMA NAHANE. EYI THIYA OYA BUS HODANNETH NAHE. BIMATA PATH WENAKAMMA DUWANAWA. GODAK KADEYI, DANNAWA NE 1980 GANAN WALA CTB EKATA GENWAPU ISUZU AUTOMATIC GEAR BUS WALATA UNA DEYA. KADENAWA. GARHITHA KIYALA WENDESIYE DANAWA, DEPOT EKEN ELIYAT ADHAGENA ENAWA, ATHULENMA PANNAPU KELI ELIYEDHI SET KARANWA. YASA APURUWATA START KARAGENA YANAWA. MEKA RATMALN DEPOT EKE UNA ATHTHAM SIDHUWEEMAK.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34