කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) දින පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ, අනුව පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
ඊට අමතරව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, අයි.ඩී.එච්, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
+1
1
+1
4
+1
+1





