කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමෙන් යළි පාසල් වසා දැමීමේ අවදානමක්

ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

“ලංකාව පුරාම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම දරුවන්ටත් කොවිඩ් වැඩිවෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රෝගය ගෙදරට ගෙනියන්නේ නැතුව ඉන්න.”

පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත් වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි කල්තියා කියපු දෙයක්. මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලෙකට පස්සේ විවෘත කරපු පාසල් ආයෙත් වහන්න සිද්ධ වෙනවා. මේ වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37