කොවිඩ් පහව යද්දි තවත් මාරයෙක් හිස ඔසවයි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිරෙන්..

ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් මෙම වසර තුළදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 21,646 කි.

ඩෙංගු රෝගය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න කියා සිටියේ වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවය.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය මුළු ගණනෙන් 68%ක් පමණ වන බව ප්‍රජා වෛද්‍යවරිය පවසයි.

ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී තිබේ.

කොරෝනාවෛරස වසංගත තත්ත්වය නිසා පසුගිය කාලය තුළ පරිශ්‍ර පරීක්ෂාවන්වල අඩුවක් දක්නට ලැබුණත්, මේ වන විට ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් බස්නාහිර පළාත සහ නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බලධාරීහු පවසති.

ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් පරිසර පරීක්ෂාවන්, දැනුවත් කිරීම ඇතුළු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

නැවත පාසල් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවා ද යන්න පරීක්ෂාවට ලක් කර පිරිසිදු කිරීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න අවධාරණය කළාය.

“ඩෙංගු වෛරසය සහිත මදුරුවෙකු දෂ්ට කිරීමෙන් ඕනෑම පුද්ගලයකුට රෝගය වැලඳෙන්න පුළුවන්. එමෙන්ම උණ, හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඬු, හන්දිපත් වේදනාව වැනි රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණයි. එම රෝග ලක්ෂණ තියෙනවනම් දින දෙකකට වඩා කල් නොගෙන සුදුසුකම් තිබෙන වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගන්න පුළුවන්,” වෛද්‍යවරිය පැවසීය.

උණ සඳහා යම් ඖෂධයක් ලබා ගන්නවා නම් ඔබ ගත යුත්තේ නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය පමණක් වන අතර, වෙනත් ඖෂධ කිසිම විටක භාවිත නොකළ යුතු බව වෛද්‍යවරිය පැවසුවාය.

එසේ නොමැති වුවහොත් ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතා නිසා රුධිර වහනයක් ඇති වී සුව කිරීමට අපහසු වීමට ඉඩ වැඩි බව විශේෂඥ වෛද්‍ය මතයයි.

ඩෙංගු රෝගය වළක්වා ගත හැකි රෝගයක් බැවින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ක්‍රියා කළ යුතු බව ද වෛද්‍යවරු අවධාරණය කරති.

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදීය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණවලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර, වසංගත තත්ත්වයක් ද යම් කාල වකවානු තුළ හටගෙන තිබේ.

කෙසේනමුත්, මෙම කාලය තුළ තීව්‍ර ඩෙංගු රෝග තත්ත්වයක් වන ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්ත්වයන් වාර්තා වී ඇත්තේ ඉතා කලාතුරකිනි.

තවද 1980 -1985 කාලයේ දී වෛරස් රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 14% – 24% කට ඩෙංගු ආසාදනය වී තිබී ඇති අතර, වෛරස් කාණ්ඩ හතරම මේ කාලයේදී ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය බවට ද සොයා ගෙන ඇත.

එලෙසම ඩෙංගු වෛරස් 2 හා 3 යන කාණ්ඩ වැඩි රෝගීන් සංඛ්‍යාවක් තුළ තිබූ බවටද හඳුනාගෙන ඇත.

ඩෙංගු වෛරස් කාණ්ඩ 3 හේතුවෙන් පළමුවරට ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්වය සහිත වසංගත තත්ත්වයක් 1989- 1990 දී වාර්තා විය.

ඩෙංගු 3 වෛරස් කාණ්ඩය ලංකාවේ සංසරණය වී වසර ගණනාවකට පසුව පළමුවරට මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඩෙංගු 3 වෛරස් කාණ්ඩයේ සිදු වූ ජානමය වෙනස් කමක් හේතුවෙන් බවට ද පරීක්ෂකයෝ අනුමාන කරති.

එතැන් සිට නියත කාල පරාසයන් වලදී ක්‍රම ක්‍රමයෙන් රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් සහ වඩාත් තීව්‍ර ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්ත්වයන් ශ්‍රී ලංකාව තුල වාර්තා විය.

මෙම තත්ත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.

උපුටා ගැනීම – BBC සිංහල පුවත් සේවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34