කොවිඩ් ආසාදිතයාගේ අනාවරණය

ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙනයෑමට හෝ වෛද්‍ය උපදෙස් ලබාදීමට මෙතෙක් තමන් වෙත කිසිදු සෞඛ්‍ය අංශ නිලධාරියෙකු නොපැමිණි බව කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු (12) මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

හැටන් දික්ඔය නගර සභා බලප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු, රාජ්‍ය අංශයේ සේවය කරන පුද්ගලයෙකු වන බවත් ඉකුත් 07 වනදා සිට අසාදිතයෙකු ලෙස හඳුනාගත් බවත් පවසයි.

එදින සිට තම නිවසේ සමාජිකයන්ගෙන් වෙන්වී නිවසේ අඩුපහසුකම් සහිත කාමරයක රැඳීසිටින බවත් තමන්ගේ රෝග තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තම රෝගී තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත්ත ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව තමන් මෙම සිද්ධිය මාධ්‍යයට පවසන්නේ රජය හෝ සෞඛ්‍ය අංශ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් නොවන බවත් මෙම රෝගය වෙනත් අයෙකුට ආසාදනයවීම වළක්වා ගැනීමේ අරමුණින් බවත් ඔහු සඳහන් කළේය.

තමන් මෙන් මෙවැනි අසාදිතයන් විශාල පිරිසක් හැටන් ප්‍රදේශයේ සිටිය හැකි බවත් ඔහු  වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09