කොලොන්න වෙඩි තැබීමේ වෙඩික්කරුවන් කොටුවෙයි – ඝාතකයින් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයින් (වීඩියෝ හා ඡායාරූප)

පසුගිය 09 වැනි දින රාත්‍රියේ ඇඹිලිපිටිය පොලිස් වසමේ කොලොන්න – අප්ටන් වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (12) පෙරවරුවේ මෙම වෙඩික්කරුවන් දෙදෙනාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ද සොයා ගැනුණා.

ජුනි 09 වැනි දින රාත්‍රී කාලයේ දී කොලොන්නාවේ පිහිටි නිවසකට පැමිණි මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා ගෙහිමි බිරිඳගෙන් විමසා ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා සිටින්නේ ද යන්නයි.

එම අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත් පුද්ගලයා නිවසින් පිටතට පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා නිවසින් පිටතට පැමිණීමත් සමග නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා විසින් වෙඩි තබා ගෙහිමියාව ඝාතනය කෙරුණා.

පසුව ඔවුන් ඝාතනයට පැමිණි යතුරුපැදියෙන් ම පලා ගිය බවයි වාර්තා වූයේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ 61 හැවිරිදි එස්. බී කුමාරසේන නමැති අප්ටන් වත්ත – උල්ලිඳුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I මගින් සිදු කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ මිද්දෙනිය පොලිස් වසමේ මාක්ස් ඇටිටිවු, තොරගලයාය ඇඟළුම් ආයතනය අසල දී බවයි වාර්තා වන්නේ.

රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැළෑ මහින්ද නමැති පුද්ගලයා හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සදකැළුම් ජයවර්ධන නමැති පුද්ගලයෙකු වෙඩික්කරුවන් වශයෙන් හඳුනා ගැනුණු අතර ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජීව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැක කරන අංක BCF 1681 දරණ යතුරු පැදිය හා ජංගම දූරකථන 03ක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවත් හෙළි ව තිබෙනවා.

රොටුඹ අමිල නමැත්තාගේ ලොකු අම්මා වෙත පහරදීමක් සම්බන්ධ ව එයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඝාතනය සඳහා රොටුඹ අමිල නමැත්තා විසින් ලක්ෂ 04 ක් මුදල් හා හෙරොයින් ලබා දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායම සමග සෘජු සබඳතා පවත්වන බවයි හෙළි ව ඇත්තේ.

මොවුන් දෙදෙනා මීට පෙර ද මංකොල්ලකෑම්, පහරදීම් හා මනුෂ්‍ය ඝාතන සඳහා රක්ෂිත බන්ධනාගාරගත ව සිට තවමත් නඩු කිහිපයක් ඔවුන් නමින් විභාග වෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

WhatsApp Image 2024 07 12 at 09.34.15 2
WhatsApp Image 2024 07 12 at 09.34.14 1
WhatsApp Image 2024 07 12 at 09.34.16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?