ඉන්දියවේ කොල්කටා හි අද (27) දහවල් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මෙම භූකම්පනයයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.3ක් ලෙස සටහන් වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
බටහිර බෙංගාලයේ ටකී සිට කිලෝමීටර් 26 ක් ගිනිකොන දෙසින් කිලෝමීටර් 9.8ක ගැඹුරකින් මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවයි එම ආයතනය පැවසුවේ.
ඉන්දියවේ වේලාවෙන් අද (27) පස්වරු 1:22 ට පමණ මෙම භූකම්පනය සිදුව තිබෙනවා.
කොල්කටා සහ අවට ප්‍රදේශවලට කම්පනයේ ප්‍රබලත්ව දැනී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
2
+1
2
+1
+1













