කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1ක් ආසාදිත කොවිඩ් රෝගීන් භාවිතා කිරීම තුළින් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචරයක් ලබාදී නැහැ.

කොවිඩ් මර්දන එන්නත් භාවිතය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

ප්‍රශ්නය – පුද්ගලයෙකුට කොවිඩ් එන්නත් ලබාදීමෙන් කොපමණ කාලයකට පසුවද ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ?

පිළිතුර – මේ අවස්ථාවේ අපට තිබෙන එන්නත් සියල්ලම වගේ මාත්‍රා දෙකකින් සමන්විතයි පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් සති 2ක වගේ කාලයකදී අපි හොඳ ප්‍රතිශක්තිකරණයක් දකිනවා. ඒ වගේම දෙවන මාත්‍රාවෙන් එම ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ මේ එන්නත්වල ඵලදායිතාවය කොපමණ කාලයක් පවතිනවද කියලා. අපිට සිද්ධවෙනවා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. මේක කොපමණ කාලයකට බලාත්මක වෙනවද කියලා

ප්‍රශ්නය – පුද්ගලයෙකු එන්නත් ලබාගැනීමෙන් පසු ඔහුට ආසාදනය වීමේ ඉඩ කඩ තිබෙනවාද? ඒ වගේම ඔහුගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද?

උත්තරය – හොඳ ප්‍රශ්නයක්. සායනික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මේ එන්නත් කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඵලදායී බවයි. අපි තවමත් නොදන්නා කාරණය තමයි සාස් කොවිඩ් ඝණයේ වෛරසය තවත් කෙනෙකුට එන්නත් පසුවත් ඔබගෙන් ව්‍යාප්ත වෙනවාද? එහෙම නැත්නම් ආසාදනය වෙන්නට පුළුවන්ද යන කාරණය

ප්‍රශ්නය – ඇයි කෙනෙක් එන්නත් ලබාගැනීමෙන් පසුව වුණත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුත්තේ? කොපමණ කාලයක් එය සිදුකළ යුතු ද?

උත්තරය – ඇත්තටම අපි යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක පිළිවෙත් දිගටම අනුගමනය කළ යුතු වනවා. මොකද අපි තවමත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගනිමින් සිටින්නේ. තවමත් ලොව බොහෝ රටවල වෛරස ව්‍යාප්තිය වේගවත්. පාලනයෙන් පවා ගිලිහී තිබෙනවා. එවගේම දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. සමාජයේ අවශ්‍යතාවය මත ප්‍රමාණවත් එන්නත් තොග අපිට නැහැ. ඒ නිසාමයි අපි සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු වන්නේ. මුහුණු ආවරණ පැළදීම, දෑත් සෝදා ගැනීම, සමාජ දුරස්තභාවය පවත්වාගැනීම වැනි කාරණා කොපමණ කාලයක් සිදුකරන්නට වේද යන කාරණය කාලයට භාරදීමට සිදුවෙනවා. ඒ අධ්‍යයන නිමවීමෙන් පසු අපිට පුළුවන් මේ ක්‍රියාදාමයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න. ඒ තුළින් ව්‍යාප්තිය අඩු වෙනවා කියලා අපිට තහවුරු කරන්නත් පුළුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07