කොරෝනා වැඩිවීම ඇරඹේ! පැය 24ට රෝගීන් 357ක්

අවුරුදු නිවාඩුවෙන් පසු අද (19) උදෑසන වන විට කොරෝනා රෝගීන් 357ක් වාර්තා වී ඇති බව වාර්තා වී ඇත.

ඉන් 287 දෙනකු රට ඇතුළෙන්ද 70 දෙනකු විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයන් අතර සිටියවුන් ද බව කොරෝනා මර්දනය පිළිබද ජාතික මධ්‍යස්ථානය පවසයි.

බහුතරයක් රෝගීන් කොළඹින් වාර්තා වී ඇති අතර ඒ ප්‍රමාණය 63කි.

කුරුණෑගලින් රෝගීන් 50ක්, ගම්පහින් 41ක් සහ වෙනත් ප්‍රදේශවලින් 133ක් වාර්තා වී ඇත.

මේ අතර වැල්ලවායෙන් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?