කොරෝනා වයිරසය ආසියාවේ මන්දගාමීව පැතිරෙන්න හේතුව මෙන්න

යු​රෝපයට සහ ඇමරිකාවට සාපේක්ෂව ආසියානු ජනතාව අතර විශේෂිත මානව ප්‍රෝටීනයක ඌනතාවක් තිබීම හේතුවෙන් ආසියාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය අඩු බව විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.

බටහිර බෙංගාලයේ ජාතික ජෛව හා ජාන විද්‍යාත්මක ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම විද්‍යාත්මක පැහැදිලි කිරීම කර ඇත. බටහිරට සාපේක්ෂව ආසියානු රටවල මෙම වයිරසය මන්දගාමී ව්‍යාප්තියත් පෙන්වීමට ජෛව විද්‍යාත්මක හේතුව එය බව ඔවුන්ගේ අදහසය.

‘‘නියුට්‍රොෆිල් ඉලස්ටේස්’’ නම් මෙම විශේෂ මානව ප්‍රෝටීනය ශරීරයේ ඉහළ මට්ටමකින් තිබීම වයිරසයට පහසු වෙන්ම මානව සෛලවලට ඇතුළුවීමට උපකාරී වන අතරම ආසාදිත පුද්ගලයන් මගින් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමටද හේතු වේ. ඇල්පා -1 – ඇන්ටිට්‍රජසින් (AAT) නම් වෙනත් ප්‍රෝටීනයක ඌනතාවක් ඇතිවීමද නියුට්‍රොෆිල් ඉලස්ටේස් ඉහළ යාමට බලපාන බව සොයාගෙන තිබේ.

මෙම පර්‌යේෂණ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ නිදාන් බිස්වාස් සහ පර්තා මජුම්දර් පවසන පරිදි භූගෝලීය සාධක කෙරෙහිද මෙහිදි අවධානය යොමුව ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්තිය පිළිබඳ ප්‍රචලිතව ඇති මතයක් නම් ආසියානු රටවල ඉහළ උෂ්ණත්වයක් පැවැතීම වයිරසය ව්‍යාප්තවීමට බාධාකාරී වී ඇති බවය. එහෙත්, මෙම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඊට බලපා ඇති සාධක භෞතික හෝ සමාජයීය ඒවාටත් වඩා ජෛව විද්‍යාත්මක ඒවා බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33