AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා රෝහලක ගින්නකින් ඉන්දියාවේ රෝගීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර ආසන්නයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නකින් කොරෝනා රෝගීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විජේ වල්ලභා රෝහලේ අද අලුයම් කාලයේ ඇති වූ ගින්න මේ වන විට මැඬ පවත්වා ඇති අතර, දිවි ගලවා ගත් රෝගීන් 4 දෙනෙකු වෙනත් රෝහල් වෙත යවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ සීග්‍රයෙන් ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඇඳන්, වෙන්ටිලේටර් සහ ඔක්සිජන් හිඟයකට ඉන්දියාවේ රෝහල් මුහුණ දී සිටියදීයි.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332,730කින් ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව 2263ක්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නෂීක් නගරයේ, සකීර් හුසේන් රෝහලේ මීට දින දෙකකට පෙර ඔක්සිජන් කාන්දුවක් නිසා වෙන්ටිලේටර් යන්ත්‍රවලට ඔක්සිජන් සැපයුම නතර වීමෙන් කොරෝනා රෝගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?