කොරෝනා රෝහලක ගින්නකින් ඉන්දියාවේ රෝගීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර ආසන්නයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නකින් කොරෝනා රෝගීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විජේ වල්ලභා රෝහලේ අද අලුයම් කාලයේ ඇති වූ ගින්න මේ වන විට මැඬ පවත්වා ඇති අතර, දිවි ගලවා ගත් රෝගීන් 4 දෙනෙකු වෙනත් රෝහල් වෙත යවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ සීග්‍රයෙන් ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඇඳන්, වෙන්ටිලේටර් සහ ඔක්සිජන් හිඟයකට ඉන්දියාවේ රෝහල් මුහුණ දී සිටියදීයි.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332,730කින් ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව 2263ක්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නෂීක් නගරයේ, සකීර් හුසේන් රෝහලේ මීට දින දෙකකට පෙර ඔක්සිජන් කාන්දුවක් නිසා වෙන්ටිලේටර් යන්ත්‍රවලට ඔක්සිජන් සැපයුම නතර වීමෙන් කොරෝනා රෝගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට අනතුර ඇඟවීමක්
03:24
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා..
00:19
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා.."ආ බොස්..මේ මගේ හොඳ යාළුවෙක් "
01:30
Video thumbnail
මහින්දගේ ගිණුම් 8ක රු කෝටි 93000ක්..?
09:55
Video thumbnail
නිරුක්ෂ විපක්ෂයේ සෙට් එකට කට උත්තර නැතිවෙන්නම දෙසයි..සජිත් දැන් නූතන අන්දරේ වෙලා
13:37