කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට සැලසුම්කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ කර ඇති බව සඳහන්.
“ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යටතේ මෙම ශිෂ්‍යත්වය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳහා ඉල්ලුම් කිරීමට පහත දැක්වෙන ආකාරයට අයදුම්පත් සකස් කලයුතු වනවා.
- මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත
- දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
- මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය
- දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත්
ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර “කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම” ලෙස සටහන් කිරීම කල යුතුයි.
අයදුම්පත එවිය යුතු ලිපිනය වන්නේ ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4