AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අගවනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා එන්නත්කරණයට ලක් කළ කිසිදු ගුරුවරයෙකු තුළ කොරෝනා ප්‍රතිශක්තීකරණය ගොඩනැගී නොමැති බවයි.

මේ අතර කොරෝනා ආසාදිතව මිය ගිය බහුතරය එන්නත් ලබාගෙන නොමැති බව ගත වූ සති 3ක කාලය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා  මරණ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී තිබෙනවා.  

නිවැරදිව ආසාදිතයින් හා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදුනොකරන පසුබිමක් තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

මේ අතර අලුත්ගම – කළුවාමෝදර, මුල්ලපිටිය, හෙට්ටිමුල්ල, මොරගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 143 දෙනෙකුට සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයන් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.  එමෙන්ම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයෙන් අද උදෑසන පලාගිය ආසාදිතයෙකු නාවලපිටිය – මෙරිවිල හන්දිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන යළි රෝහල් ගතකිරීමට පියවර ගැනුනා. ඒ, අදාළ ආසාදිතයා මාර්ගයේ ගමන් කරමින් සිටියදියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?