කොරියාවේ මාළු රස්සාවට ගිය බැංකු කළමනාකරු මුහුදට වැටී ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මුහුදට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෙරලපනාතර, කැකුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර මධුශාන් අබේවර්ධන නැමැති දෙදරු පියෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අගෝස්තු මාසයේ ඔහු කොරියාවේ රැකියාවක් සඳහා පිටව ගොස් ඇති අතර, ඔහු ධීවර් කර්මාන්තයේ යෙදී සිටිය දී බෝට්ටුවෙන් ගොස් මුහුදට දැල් දමමින් සිටි අවස්ථාවක කඹයක පැටළී මුහුදට වැටීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

විදේශගත වීමට පෙර ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ බැංකුවක කළමනාකරුවෙක් වශයෙන් රැකියාවේ නිරතව සිටි අයෙක් බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ සිරුර මෙරටට ගෙන්වා ගැනීමට සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?