කොරියාවේ මාළු රස්සාවට ගිය බැංකු කළමනාකරු මුහුදට වැටී ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මුහුදට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෙරලපනාතර, කැකුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර මධුශාන් අබේවර්ධන නැමැති දෙදරු පියෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අගෝස්තු මාසයේ ඔහු කොරියාවේ රැකියාවක් සඳහා පිටව ගොස් ඇති අතර, ඔහු ධීවර් කර්මාන්තයේ යෙදී සිටිය දී බෝට්ටුවෙන් ගොස් මුහුදට දැල් දමමින් සිටි අවස්ථාවක කඹයක පැටළී මුහුදට වැටීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

විදේශගත වීමට පෙර ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ බැංකුවක කළමනාකරුවෙක් වශයෙන් රැකියාවේ නිරතව සිටි අයෙක් බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ සිරුර මෙරටට ගෙන්වා ගැනීමට සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13