කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද පස්වරුවේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වනවා.

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙසයි ආරම්භ වන්නේ.

මෙම තරගාවලිය එක්දින තරග 03කින් යුක්තයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු එක්දින තරගය ජය ගත්තා.

ඒ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුකූලව කඩුලු 05කින්.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට කොදෙව් දේශයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලියක පහස විඳ දරා ගැනීමට අවස්ථාව හිමිවීමයි.

කොදෙව්වන් කෙසේ හෝ අද තරගය ජයගත යුත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන එක්දින තරගාවලි ජය තවදුරටත් සීමා කර සම මට්ටමේ ජයක් බවට පත් කරගැනීම සඳහායි.

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව්වන් මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත්තේ තරග 33ක ම ජය තමන් සතු කරගනිමින්.

කොදෙව්වන් තරග 31ක් දිනා තිබෙනවා.

තවත් තරග 03ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරග 14ක් ජයගෙන ඇති අතර කොදෙව්වන් දිනා ඇත්තේ තරග 08ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?