කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද පස්වරුවේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වනවා.

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙසයි ආරම්භ වන්නේ.

මෙම තරගාවලිය එක්දින තරග 03කින් යුක්තයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු එක්දින තරගය ජය ගත්තා.

ඒ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුකූලව කඩුලු 05කින්.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට කොදෙව් දේශයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලියක පහස විඳ දරා ගැනීමට අවස්ථාව හිමිවීමයි.

කොදෙව්වන් කෙසේ හෝ අද තරගය ජයගත යුත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන එක්දින තරගාවලි ජය තවදුරටත් සීමා කර සම මට්ටමේ ජයක් බවට පත් කරගැනීම සඳහායි.

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව්වන් මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත්තේ තරග 33ක ම ජය තමන් සතු කරගනිමින්.

කොදෙව්වන් තරග 31ක් දිනා තිබෙනවා.

තවත් තරග 03ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරග 14ක් ජයගෙන ඇති අතර කොදෙව්වන් දිනා ඇත්තේ තරග 08ක් පමණක් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21