UPDATE :කොදෙව් ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට ඇරයුම් කළ ගෝල් මාවලස් හිමිකරු 16 තෙක් සිපිරිගෙට

මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ශේම් ටකාර් නමැත්තා එළඹෙන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සැකකරුව ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළා.

එහිදියි අතිරේක මහේස්ත්‍රාත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

සිය සේවාදායකයා එකී වරද පිළිගැනීමට සූදානම් වන බවත්; අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ පාපොච්චාරණ ස්වරූපී ලෙස ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

මෙම නඩුව එළඹෙන 16 වැනිදා දින යළිත් කැඳවීමට නියමිතයි.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රෘ ප්‍රෙචර් ක්‍රීඩකයාට සැකකාර ඉන්දීය ජාතිකයා යෝජනා කර ඇත්තේ තමන් පවසන පන්දු යවන්නාගේ පන්දු සඳහා අදක්ෂ ලෙස ක්‍රීඩා කරන්නේ නම්; අමෙරිකානු ඩොලර් 15,000ක මුදල් ගෙවීමට තමන් සූදානම් බවයි.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?