UPDATE :කොදෙව් ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට ඇරයුම් කළ ගෝල් මාවලස් හිමිකරු 16 තෙක් සිපිරිගෙට

මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ශේම් ටකාර් නමැත්තා එළඹෙන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සැකකරුව ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළා.

එහිදියි අතිරේක මහේස්ත්‍රාත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

සිය සේවාදායකයා එකී වරද පිළිගැනීමට සූදානම් වන බවත්; අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ පාපොච්චාරණ ස්වරූපී ලෙස ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

මෙම නඩුව එළඹෙන 16 වැනිදා දින යළිත් කැඳවීමට නියමිතයි.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රෘ ප්‍රෙචර් ක්‍රීඩකයාට සැකකාර ඉන්දීය ජාතිකයා යෝජනා කර ඇත්තේ තමන් පවසන පන්දු යවන්නාගේ පන්දු සඳහා අදක්ෂ ලෙස ක්‍රීඩා කරන්නේ නම්; අමෙරිකානු ඩොලර් 15,000ක මුදල් ගෙවීමට තමන් සූදානම් බවයි.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14