AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ට එරෙහි T20 සටනට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ (ඡායාරූපය)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නම්කර තිබෙනවා.

මෙවර සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

කාලයක් ටී20 පිටියේ දක්නට නොලැබුණු දිනේෂ් චන්දිමාල් ද මෙවර සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම විවිධ අභියෝග මැද ටී20 ආකෘතියෙන් ඉවත් කර සිටි භානුක රාජපක්ෂ ද කොදෙව්වන්ට එරෙහි සටනට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයට අසලංකගේ නායකත්වයෙන් යුතුව, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ ආබාධයකට ලක් ව සිටි බිනුර ප්‍රනාන්දු ද තරගාවලිය සඳහා නම් කර තිබෙන බව දැකිය හැකියි.

දෙරට අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඔක්තෝබර් 13 දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?