AFC Banner
Empty Ad
Empty Ad

කොණ්ඩෙ කපං එන ලෙසට උපදෙස් දුන් ගුරුවරයාට සිසුවෙක් කළ අපරාධය

පාසල් ගුරුවරයෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන සිසුවෙකු ව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.

අද (26) පෙරවරුවේ මෙම සිදුවීම සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇති පාසල් ගුරුවරයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පිහි ඇණුම සිදු කර ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවන උසස් පෙළ සිසුවෙක්.

පාසලට පැමිණෙන විට කොණ්ඩය කපාගෙන පැමිණෙන ලෙස පහරකෑමට ලක් වූ ගුරුවරයා විසින් සිසුවාට උපදෙස් දී තිබෙනවා.

එම අවස්ථාවේ දී ගුරුවරයා සහ සිසුවා අතර ඇති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇණුම සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

පුත්තලම නගරයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලක දී මෙම අපරාධය සිදු ව ඇති බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
1
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?