කොණ්ඩෙ කපං එන ලෙසට උපදෙස් දුන් ගුරුවරයාට සිසුවෙක් කළ අපරාධය

පාසල් ගුරුවරයෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන සිසුවෙකු ව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.

අද (26) පෙරවරුවේ මෙම සිදුවීම සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇති පාසල් ගුරුවරයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පිහි ඇණුම සිදු කර ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවන උසස් පෙළ සිසුවෙක්.

පාසලට පැමිණෙන විට කොණ්ඩය කපාගෙන පැමිණෙන ලෙස පහරකෑමට ලක් වූ ගුරුවරයා විසින් සිසුවාට උපදෙස් දී තිබෙනවා.

එම අවස්ථාවේ දී ගුරුවරයා සහ සිසුවා අතර ඇති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇණුම සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

පුත්තලම නගරයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලක දී මෙම අපරාධය සිදු ව ඇති බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56