කොටහේනේ ඝාතනයක් – තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදීලා

කොටහේන පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ දී සිදු ව ඇත්තේ කොටහේන – ශ්‍රී ගුණානන්ද මාවතේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරය අසල දී බවයි.

මියගිය තැනැත්තාට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පහර කෑමට ලක් වූ තැනැත්තා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් තුවාලකරු රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක් වූ තැනැත්තා පදිංචි ව සිට ඇත්තේ සිය මව, පියා සහ නැගණිය සමග වන බවත්, ඔහුගේ මිතුරෙකු එදින නිවසට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනා ඉහත සඳහන් කළ ට්‍රාන්ස්ෆෝමරය අසලට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව තවත් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ දූරකථනයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිවීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

කොටහේන පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම මරණකරු සහ ඝාතකයා අතර ඇති වූ බහින්බස් වීම දුරදිග යාම ඝාතනයට හේතුව බවත්, ඝාතකයා විසින් මරණකරුගේ පපුවට පිහියකින් ඇනීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි.

මරණකරුගේ මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

ඝාතකයා හඳුනාගෙන ඇති අතර, ඔහු ව අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21


?