කොටහේනේ ඝාතනයක් – තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදීලා

කොටහේන පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ දී සිදු ව ඇත්තේ කොටහේන – ශ්‍රී ගුණානන්ද මාවතේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරය අසල දී බවයි.

මියගිය තැනැත්තාට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පහර කෑමට ලක් වූ තැනැත්තා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් තුවාලකරු රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක් වූ තැනැත්තා පදිංචි ව සිට ඇත්තේ සිය මව, පියා සහ නැගණිය සමග වන බවත්, ඔහුගේ මිතුරෙකු එදින නිවසට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනා ඉහත සඳහන් කළ ට්‍රාන්ස්ෆෝමරය අසලට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව තවත් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ දූරකථනයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිවීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

කොටහේන පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම මරණකරු සහ ඝාතකයා අතර ඇති වූ බහින්බස් වීම දුරදිග යාම ඝාතනයට හේතුව බවත්, ඝාතකයා විසින් මරණකරුගේ පපුවට පිහියකින් ඇනීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි.

මරණකරුගේ මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

ඝාතකයා හඳුනාගෙන ඇති අතර, ඔහු ව අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13