රඹුක්කන – කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5ක් සහ පළිඟු කරඬු 3ක් සොරකම් කර තිබෙනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ විහාරයට පැමිණි සොරුන් පිරිසක් ඒවා පැහැර ගන්නට ඇතැයි සැක කරන බවයි.
මෙලෙස සොරා ගෙන ඇත්තේ දැදිගම – කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමියේ සිදුකල කැනීම්වලදී සොයා ගැණුනු ඉතා වටිනා කරඬු බව ද ඔහු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන සඳහා පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













