කොච්චිකඩේ වෙරළ තීරයේ ත්‍රිරෝද රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් – පොලිස් නිලධාරියෙකුගේ දැයි සැක

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ වෙරළ තීරයේ ත්‍රිරෝද රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ පිළිස්සුණු මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත අද (14) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකුගේ මෘත ශරීරයක් බවටයි මේ වනවිට සැකපළ කරන්නේ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පිලිස්සී ඇති බව සඳහන් කළ කොච්චිකඩේ පොලිසිය, ත්‍රිරෝද රථය ද ගිනිගෙන හානි වී ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.

මළසිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිත අතර, කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?