කොච්චිකඩේ වෙරළ තීරයේ ත්‍රිරෝද රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් – පොලිස් නිලධාරියෙකුගේ දැයි සැක

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ වෙරළ තීරයේ ත්‍රිරෝද රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ පිළිස්සුණු මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත අද (14) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකුගේ මෘත ශරීරයක් බවටයි මේ වනවිට සැකපළ කරන්නේ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පිලිස්සී ඇති බව සඳහන් කළ කොච්චිකඩේ පොලිසිය, ත්‍රිරෝද රථය ද ගිනිගෙන හානි වී ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.

මළසිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිත අතර, කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57