කොකේන් කරල් ගිල ආ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණි විදේශීය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා EK 650 දරණ ගුවන් යානයෙන් අද (23) උදෑසන 8.30ට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයා සිරුර තුළ සඟවාගෙන පැමිණි ග්‍රෑම් 132ක් බරැති මත් කරල් 12ක් පිටතට ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය කොකේන් බවට සැක කෙරෙනවා.

41 හැවිරිදි වෙනිසියුලා ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු විසින්ම මත්පෙති ගිලගත් බව පිළිගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාර විදෙස් ජාතිකයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33