AFC Banner
Empty Ad

කෙළ ගැසීමක් මරණයකින් කෙලවර වෙයි

මොරටුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස්ව තිබෙනවා.

මෙලෙස මියගොස්ව ඇත්තේ ධර්මබන්දු මාවත එගොඩඋයන පදිංචි 71 හැවිරිදි රංජනී ඉන්ද්‍රාවති නමැති කාන්තාවක්.

අසල්වැසි නිවැසියෙකු රවා බලා කෙළ ගැසීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ ආරවුල දුරදිග යාමෙන් උරණ වී අදාළ කාන්තාව තල්ලු කිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසනවා.

පොලිස් මුලික විමර්ෂණ මගින් හෙළිව ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධව විමසීමට මරණකාරිය අසල්වැසි නිවෙසට ගොස් ඇති අතර කෙළ ගැසීම ගැන සැකකරුගෙන් විමසීමේදී කෙළ ගැසුවේ අපි නොවෙයි ගසපු අයගෙන් අසා ගන්නට යැයි කියමින් සැකකාරිය තල්ලු කොට ඇති බවයි.

අදාළ කාන්තාව පානදුර මූලික රෝහලට ගෙනයන අතරදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකාරියගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බව පොලිසිය පොලිසිය සඳහන් කළා.

මේ වන විට මරණකාරියගේ මෘතදේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට පත් සැකකරු වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නියුතු වන 42 හැවිරිදි දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?