කෙළ ගැසීමක් මරණයකින් කෙලවර වෙයි

මොරටුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස්ව තිබෙනවා.

මෙලෙස මියගොස්ව ඇත්තේ ධර්මබන්දු මාවත එගොඩඋයන පදිංචි 71 හැවිරිදි රංජනී ඉන්ද්‍රාවති නමැති කාන්තාවක්.

අසල්වැසි නිවැසියෙකු රවා බලා කෙළ ගැසීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ ආරවුල දුරදිග යාමෙන් උරණ වී අදාළ කාන්තාව තල්ලු කිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසනවා.

පොලිස් මුලික විමර්ෂණ මගින් හෙළිව ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධව විමසීමට මරණකාරිය අසල්වැසි නිවෙසට ගොස් ඇති අතර කෙළ ගැසීම ගැන සැකකරුගෙන් විමසීමේදී කෙළ ගැසුවේ අපි නොවෙයි ගසපු අයගෙන් අසා ගන්නට යැයි කියමින් සැකකාරිය තල්ලු කොට ඇති බවයි.

අදාළ කාන්තාව පානදුර මූලික රෝහලට ගෙනයන අතරදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකාරියගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බව පොලිසිය පොලිසිය සඳහන් කළා.

මේ වන විට මරණකාරියගේ මෘතදේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට පත් සැකකරු වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නියුතු වන 42 හැවිරිදි දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48