රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (17) දිනයේ අධි චෝදනා ගොනු භාරදෙනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාරදීම සිදුකරනු ලැබුවා.
අනතුරුව විත්තිකරුවන් හයදෙනා රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහැරීමට නියමටයි නියෝග කළේ.
ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළ අතර, විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් විනිසුරුවරිය නියෝග කළා.
ඊට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද අධිකරණය අද නියෝග නිකුත් කරනු ලැබුවා.





