AFC Banner
AFC Banner
Empty Ad

කෙහෙළියට විශ්වාසභංගයක් ගෙන එන බව සජිත් මැතිසබයට කියයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුටත් අදහස් දක්වමින් පැවසුවේ.

රෝගීන්ගේ ජීවිත මතින් ගොස් මඩිය තර කර ගැනීමට කටයුතු කළ සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?