ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240,000කට ආසන්න මුදලක් සිය පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනාකර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වුණා.
මෙහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.